අවශ්‍ය අයදුම්පත්‍ර
- පාංශු කැණීම් / ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් පත්‍රය.
- කැණීම් බලපත්‍රය (වැලි) දීර්ඝ කිරීම පිළිබඳ ග්‍රාමීය නිලධාරිගේ නිර්දේශය ලබාගැනීමේ අයදුම්පත්‍රය.
- රජයේ ඉඩම් පිළිබඳ වත්මන් තොරතුරු රැස් කිරීමේ අයදුම්පත්‍රය.
- අනවසර ඉඩම් සඳහා බලපත්‍රයක් ඉල්ලන්න අයදුම්පත්‍රය
රජයේ ඉඩම් යනුවෙන් හඳුන්වනු ලබන්නේ.
- 1894 අංක 1 දරන මුඩු බිම් ආඥා පනත යටතේ රජය සතු වූ ඉඩම්.
- 1931 අංක 21 දරන නිරවුල් කිරිමේ ආඥා පනත යටතේ රජය සතු ලෙස නිරවුල් කළ ඉඩම්.
- 1950 අංක 9 දරන රජයට ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත්කරගත් ඉඩම්.
- 1979 අංක 43 දරන ඉඩම් ප්‍රදාන (විශේෂ විධි විධාන) පනත යටතේ පවරාගත් ඉඩම්.
- අධිකරණ නියෝගයක් මත රජය සතු කරන ලද ඉඩම්.
- ශ්‍රී ලංකා ජනරජයට නීත්‍යනුකූලව අයිතියක් ඇති රජය විසින් අන්සතු කරනු ලැබිය හැකි ඉඩම්.
මීට අතිරේකව 1978 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසූ ගැනීමේ) පනතේ කාර්යයන් සඳහා පමණක්,
- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම්.
- රාජ්‍ය වැවිලි සංස්ථාව සතු ඉඩම්.
- ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු ඉඩම්.
- අනෙකුත් සියලු සංස්ථා මණ්ඩල අධිකාරි සතු ඉඩම් රජයේ ඉඩම් ලෙස සැලකේ.
ඉඩම් ආශ්‍රිත රාජකාරි වලිදී උපයෝගී වන පනත්
- 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත.
- 1979 අංක 43 දරන ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන) පනත./li>
- 1947 අංක 08 දරන රජයේ ඉඩම් ආඥා පනත.
- 1979 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත.
- 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත.
- 1931 අංක 20 දරන ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත.li>
- 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත.
















